විෂ පොල්තෙල් මැලේසියාවට පිටමං කරයි


(යොහාන් භාසුර)

'ඇෆ්ලටොක්සීන්' නැමැති පිළිකා කාරකය අඩංගු පොල්තෙල් කිලෝ 105000 ක් සහිත කන්ටේනර් හයක් මැලේසියාවට හරවා යැවීම සඳහා කොළඹ වරායෙන් අද (12) මීට සුළු වේලාවකට පෙර නැව් ගත කළේය.

බාර්බරා භාණ්ඩ ප්‍රවාහන නෞකාවෙන් මෙම තෙල් තොගය ප්‍රතිඅපනයනය කරයි.

කටාන ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකට අයිතියි මෙම පොල්තෙල් තොගය රුපියල් කෝටි තුනකට අධික වටිනාකමින් යුක්ත බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.